Category 1
Category 2
Category 3
Category 4
Category 5
Category 6 (Carousel)
Tuesday, August 23, 2016
Thursday, August 18, 2016
මහින්ද සමග අලුත් ගමනක්
ඉරිදා පුවත්පතේ මෙවර තීරු ලිපිය
මහින්ද සමග අලුත් ගමනක් !
===================
මහින්ද පරාජය වී මැදමුලන ගියේ යළි දේශපාලනය කිරීමේ අදහසින් නොවේ. සදාකල් දේශපාලනයෙන් විශ්‍රාම ගනු පිණිස ය. බැසිල් ඇමරිකා යෑමට පළමු ඔහු මහින්ද හමු වූ විට කියා තිබුණේ තමන් නැවත දේශපාලනය නොකරන බව ය. "අයිය දේශපාලනය කරන්නෙ නැත්නම් මගෙ දේශපාලයත් මෙතනින් අවසන් කරනවා" කියමින් බැසිල් මහින්දට කියා සමුගෙන ගොස් තිබේ. පරාජය පිළිබඳ කළ කිරීම, කලකින් ලද දිගු විවේකය හා දරුවන් දැකබලා ගැනීමේ ආශාව ද සිත්හි තිබූ බැසිල් ඇමරිකා ගියේ ඒ අනුව ය.
===================
මහින්ද පරාජය වී මැදමුලන ගියේ යළි දේශපාලනය කිරීමේ අදහසින් නොවේ. සදාකල් දේශපාලනයෙන් විශ්‍රාම ගනු පිණිස ය. බැසිල් ඇමරිකා යෑමට පළමු ඔහු මහින්ද හමු වූ විට කියා තිබුණේ තමන් නැවත දේශපාලනය නොකරන බව ය. "අයිය දේශපාලනය කරන්නෙ නැත්නම් මගෙ දේශපාලයත් මෙතනින් අවසන් කරනවා" කියමින් බැසිල් මහින්දට කියා සමුගෙන ගොස් තිබේ. පරාජය පිළිබඳ කළ කිරීම, කලකින් ලද දිගු විවේකය හා දරුවන් දැකබලා ගැනීමේ ආශාව ද සිත්හි තිබූ බැසිල් ඇමරිකා ගියේ ඒ අනුව ය.
එසේ නම්, දේශපාලනය නොකිරීමට සිතා සිටි මහින්ද යළි දේශපාලනයට යොමු කළේ කවුද? ඒ අන් කිසිවෙකු නොව වත්මන් ආණ්ඩුවයි. සිය ජයග්‍රහණයෙන් පසුව ආණ්ඩුවේ නායකයින් හා ගෝලයින් නිරතුරුව කළේ මහින්ද රාජපක්‍ෂට හා ඔහුගේ පවුලේ අයට පහර පිට පහර ගැසීම ය. ඔවුන් ගර්හාවට ලක් කිරීම ය. සමච්චලයට ලක්කිරීම ය. 1505න් පසු ලංකාව එක් සේසත් කළා මතු නොව නිදහසින් පසු නොයෙක් හේතු මත අතපසු වී තිබූ සියළු සංවර්ධන ව්‍යාපෘථි සාර්ථක ව ක්‍රියාවට නැංවූ නායකයා වන තමා මෙතරම් පහර කෑ යුත්තේ ඇයි දැයි මහින්දට මොහොතකට සිතෙන්නට ඇත. මහින්දට ඡන්දය ලබාදුන් ලක්‍ෂ 58 පමණක් නොව ජනපතිවරණයේ දී පරාජය කිරීමට නොව “බලය අඩුකිරීමට පමණක් මහින්දට එරෙහි වූ ජනතාව” ද සිතුවේ එසේ ය. අසාධාරණ ලෙස ගර්හාවට ලක්වූ මහින්ද බැලීමට මහජනය ලක්‍ෂ ගණනින් මැදමුලන ගියේ මේ සිතුවිල්ලෙනි. ගහන්න ගහන්න වඳින්නාත් වඳින්න වඳින්න ගහන්නාත් මෝඩයෙකු බව කියමනක් තිබේ. මහින්ද දේශපාලනය කිරීමේ දැඩි හා නිරවුල් තීරණයට එන්නේ මේ සිදුවීම් සියල්ල සැලකිල්ලට ගනිමින් බව පැහැදිළි ය.
ජන විඤ්ඤානය ආකර්ෂණය කර ගැනීම අතින් මහින්ද ශ්‍රිලනිප නිර්මාතෘ බණ්ඩාරනයකට වඩා එහා යන බව ඔහුගේ විවේචකයින් පවා දන්නා කාරණයකි. ඒ අනුව ඔහු යළි දේශපාලනයට පැමිණියහොත් තමන් හිරුදුටු කදෝපැණියක් බව ආණ්ඩුව සිතුවේ ය. පරාජිත මහින්දට බිමට ම සමතලා කල දැමීමට ඔහුට පහර පිට පිට පහර දුන්නේ මේ නිසා ය. එහෙත් ජනමූල නායකයෙකුට එසේ කළ හැකි නොවේ. රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ මහින්දට පහර දීමේ උපක්‍රමය ආපිට ඔවුන් මතට ම කැරකෙන්නේ මේ නිසා ය. නිදා ගැනීමට ගිය මහින්ද අවදි කළේ ආණ්ඩුවම ය.
හරි හැටි පක්‍ෂයක් හෝ සංවිධානයක් පවා නොමැතිව ලක්‍ෂ ගණන් ජනතාව නුවර සිට කොළඹට ගෙන එමින් එකම අරමුණක් වෙනුවෙන් ඔවුන් පෙළ ගැස්වීම සුළුපටු දෙයක් නම් නොවේ. ලංකා දේශපාලන දේහය තුළ මහින්ද සටහන් වී ඇති ගැඹුර එහි පැහැදිළිව සටහන් වුණි. පරාජිත දේශපාලකයෙකුට එම පරාජයේ එළිපත්තේ සිට ම එසේ කිරීමට හැකි වීම දේශපාලන පර්යේෂකයින්ගේ අවධානයට යොමුවිය යුතු ය. මහින්ද වැය වූ බලයක් නොව බුරබුරා නැගෙන අග්නියක් බව ඔහු නැවත නැවතත් තහවුරු කරමින් සිටින්නේ ය.
හරි හැටි පක්‍ෂයක් හෝ සංවිධානයක් පවා නොමැතිව ලක්‍ෂ ගණන් ජනතාව නුවර සිට කොළඹට ගෙන එමින් එකම අරමුණක් වෙනුවෙන් ඔවුන් පෙළ ගැස්වීම සුළුපටු දෙයක් නම් නොවේ. ලංකා දේශපාලන දේහය තුළ මහින්ද සටහන් වී ඇති ගැඹුර එහි පැහැදිළිව සටහන් වුණි. පරාජිත දේශපාලකයෙකුට එම පරාජයේ එළිපත්තේ සිට ම එසේ කිරීමට හැකි වීම දේශපාලන පර්යේෂකයින්ගේ අවධානයට යොමුවිය යුතු ය. මහින්ද වැය වූ බලයක් නොව බුරබුරා නැගෙන අග්නියක් බව ඔහු නැවත නැවතත් තහවුරු කරමින් සිටින්නේ ය.
දැන් මහින්ද නවතාලිය නොහැකි තීරණාත්මක ලක්‍ෂයට පැමිණ ඇත. පාද යාත්‍රාවේ සාර්ථකත්වය විසින් කියන්නේ ඒ ය. ඔහු මේ සාර්ථකත්වය නව දේශපාලන ගමනක් තුළ ආයෝජනය කිරීමට සූදානම් ද? එය එසේ විය යුතු ය. හදිසි විය යුතු නැතත් මේ ගමන දැන් දැන් ම ඇරඹිය යුතු ය. වඩාත් ප්‍රමාද වීමත් වඩාත් ඉක්මන් වීමත් දෙක ම අනතුරුදායක ය. දැන් නිසි කල බව පෙනේ. නව ගමනක් පිළිබඳ නැවුම් අපේක්‍ෂාවක් මෙරට ජනයා විසින් මහින්ද තුළ දකින බව පාද යාත්‍රාවෙන් පමණක් නොව රටේ පොදු ජනතා හැසිරීමෙන් ද මනාව පෙනේ.
පාද යාත්‍රාවෙන් ලද සාර්ථකත්වය දේශපාලනික ව ආයෝජනය කිරීමට නම් මහින්ද විසින් පුළුල් ජාතික බලවේගයක් සංවිධානය කිරීම අනිවාර්යෙන් ම කළ යුතු ය. වත්මන් ශ්‍රිලනිපය සමග මහින්දට පමණක් නොව ශ්‍රිලනිප ප්‍රතිපත්ති විස්වාස කරන කිසිවෙකුට ගමනක් නැත. වත්මන් ශ්‍රිලනිපය යනු දළදා මාළිගාව පහර දීමට පැමිණි කොටි ලොරි රථයට උපමා කළ හැකි භයායක එකකි. එම ලොරි රථයේ ඉදිරිපස පුවරුවේ ලියා තිබුණේ බුදුසරණයි කියා ය. එසේ ම කටුනායක ගුවන් තොටට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බසයේ සඳහන් වූයේ මාතර කියා ය. එහෙත් කොටි ලොරියේ බුදුසරණ තිබුණේවත් කොටි බස් රථය මාතර ගියේවත් නැත. ශ්‍රිලනිප බෝර්ඩ් ලෑල්ලට අප රැවටිය යුතු නැත්තේ මේ නිසා ය. චන්ද්‍රිකා හා මෛත්‍රීපාල විසින් ශ්‍රිලනිපය හසුරුවන්නට ගත් දින සිට ශ්‍රිලනිපයේ සාරය ඉන් ඉවත් වූ බව නොරහසකි. ශ්‍රිලනිපය යනු එහි නමවත් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එහි මූලස්ථාන ගොඩ නැගිල්ලත් නොවන බව මෙරට ජනතාව හොඳින් දනිති. ලක්‍ෂ ගණනින් ජනතාව මහින්ද සමග පාද යාත්‍රාවට එක් වූවේ ද එය නැරඹීමට මගතොටට රැස්වූයේ ද මේ අවබෝධයෙනි. මහින්ද මෙම තත්වය නොදැන සිටිතැයි කිව නොහැකි ය.
මහින්ද නැවතත් මෙරට දේශපාලන බලය අතට ගත යුත්තේ ඔහුට, ඔහුගේ පවුලට හා සගයන්ට එරෙහිව ආණ්ඩුව දියත් කොට ඇති පළිගැනීම් මාලාව නිසා ම නොවේ. එහෙත් ඔහුගේ වසර 9ය තුළ රට අත්කරගත් සියළු ජයග්‍රහණ දැන් ආපහු හැරෙමින් තිබෙන නිසා ය. සංවර්ධනය ඇණ හිටීම, සහනාධාර කැපීම, ග්‍රාමීය ආර්ථිකය කඩාවැටීම, දිනෙන් දින බඩුමිළ ඉහළ යෑම, දූෂණය හා හොරකම වැනි අතට අසුවන ප්‍රශ්න මැද රටේ මූලික සංරචකය යළි හැරවිය නොහැකි ලෙස වෙනස් කිරීමට වත්මන් ආණ්ඩුව කරන උත්සාහය තිබෙන්නේ තිරය පිටුපස ය. ඒ අතර ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආර්ථික ගිවිසුම් රටේ සෑම ක්‍ෂේත්‍රයක ම රැකියා හා ව්‍යාපාර අවස්ථා ඉන්දියානු ජාතිකයින්ට සින්නකර පවරා දීමේ සැලසුමක් බව කිව යුතු ය. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයන කිරීම සඳහා පැහැදිළි සැලසුමක් හෝ වැඩපිළිවෙලක් නොමැති ව අප රට සේ භූමියෙන් හැට ගුණයක් විශාල හා දැවැන්ත ප්‍රාග් ධනයක් හිමි ඉන්දියානුවන්ට මෙරට වෙළඳපොල හා වෘත්තීන් විවෘත කිරීම වසර දහස් ගණනක් තිස්සේ අප අත්විඳි මෙරට අයිතිය ඉතා සුළු කළක් තුළ අහිමි කරදීමේ උත්සාහයකි. අනෙත් අතින් දෙමළ ජාතීවාදී බලවේගවල කීමට අනුව හඳුන්වාදීමට නියමිත නව ව්‍යවස්ථාවයි. ආණ්ඩුව කුමක් කීව ද එහි ඒකායන අරමුණ රට ෆෙඩරල් කිරීම බව පැහැදිළි ය. ෆෙඩරල් අරමුණක් නොමැති නම් බලය බෙදීම සඳහා වත්මන් ව්‍යාවස්ථාව හොඳට ම ප්‍රමාණවත් ය. වත්මන් ව්‍යවස්ථාව පවා ෆෙඩරල් ආසන්නට ම ගොස් තිබෙන පසුබිමක හඳුන්වා දීමට නියමිත ව්‍යවස්ථාව අනිවාර්යෙන් ෆෙඩරල් හෝ ඊටත් එහා යන කන්ෆෙඩරල් පවා විය හැකි ය.
යහපාලන තවත් බොරුවක් අතේ මාට්ටු
තවත් බේගලයක් පත්තු.. රාජසන්තක කල මිලියන 157.5 CSN මුදල් නොවන බව බැංකුව සහතික කරයි..
CSN රූපවාහිනී සේවය සතුව තිබූ රුපියල් මිලියන 167.5ක් රාජසන්තක කලේ යයි පසුගියදා සිදු වූ ප‍්‍රකාශයන් හා වර්තා සම්පුර්නයෙන්ම අසත්‍ය බව එම රූපවාහිනී නාලිකාව පවසයි.
එහි අධ්‍යක්‍ෂ රොහන් වැලිවිට මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එකී මුදල් තම රූපවාහිනී නාලිකාවට අයත් ඒවා නොව බව එම බැංකුවද සනාථ කර ඇති බවයි.
සම්පුර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.
Tuesday, August 16, 2016
Wednesday, January 20, 2016
මයිත්‍රීපාල ශුවර් නෑ.
තමන්ට මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බැවින් තවදුරටත් ඔහු සමග එක්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිමට කිසිදු බලාපොරොත්තුවක් තමන් තුල නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීගේ දුතයේකු ලෙස මහින්ද හමුවිමට ගිය ජනතා ඡන්දයෙන් පරාජය වි සිරිසේනගේ පිනා චාන්ස් එකකින් ඇමතිවරයෙකු වු එස්.බි දිසානායකට තරයේම කියා තිබේ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දියාරු වෙමින් තිබේන බවත් එකාබද්ධ විපක්ෂය වෙනම සංවිධානය විමත් මෛත්‍රීට සහය දක්වමින් සිටි ඇතැම් ශ්‍රිලනීප ප්‍රභලයන් මෛත්‍රී අතහැර එකාබද්ධ විපක්ෂය සමග එකතු විමත් හේතුවෙන් ජාතික ආණ්ඩුව තුල ශ්‍රීලනීපය හුදකළා වි බලය නැති කණ්ඩායමක් බවට පත් වෙමින් තිබේන බවත් වාද බේද නොතකා ශ්‍රිලනිපයට සහය ලබා ලබාදෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කර තිබේ.
එම ඉල්ලීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය බිඳින්නට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත්,නමුත් මෛත්‍රීපාල වැනි විශ්වාස කල නොහැකි අයෙකුට සහය ලබාදිමට කිසිදු අවස්ථාවක තමන් ඉදිරිපත් නොවන බවයි.
එම ඉල්ලීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය බිඳින්නට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවත්,නමුත් මෛත්‍රීපාල වැනි විශ්වාස කල නොහැකි අයෙකුට සහය ලබාදිමට කිසිදු අවස්ථාවක තමන් ඉදිරිපත් නොවන බවයි.
මේ අතර මෛත්‍රී පිළ නියෝජනය කරමින් වත්මන් ඊනීයා ජාතික ආණ්ඩුව නියෝජනයි කරන ශ්‍රීලනීප ඇමතිවරුන්,මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදි කණ්ඩයම් වශයෙන් එකාබද්ධ විපක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව වාර්තා වේ.ඉදිරි සති කිහිපය තුල එම පිල් මාරුව සිදුවන අතර මහින්ද රාජපක්ෂ මහතා දිගටම ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රැඳෙමින් රටේ ජනතාවට නායකත්වය දිමට සුදානමින් සිටින බවද වාර්තා වේ.
Thursday, November 26, 2015
Monday, November 16, 2015
Monday, November 9, 2015
Subscribe to:
Posts
(
Atom
)




