BREAKING NEWS
RSS Feed Widget

Thursday, November 26, 2015

2015 මහවිරු සතිය ජයටම උතුරේ

මහවිරු සතිය ජයටම උතුරේ සමරන ආකාරය ජායාරූප පෙලක් අන්තර්ජාලයට එක්කර තිබේ.

Monday, November 16, 2015

එදා මහ බැංකු ප්‍රහාරයේ ශ්‍රී ලංකාවට සිදුවූ හානියේ ජායාරූප

එදා මහ බැංකු ප්‍රහාරයේ ශ්‍රී ලංකාවට සිදුවූ හානියේ ජායාරූප. මෙහි ඇති අවදානම අපිට සිහිවන්නේ වසර ගනනක් ගිය පසු ඇතිවූ පැරිස් ප්‍රහාරයෙනි.

Monday, November 9, 2015

මහින්ද මැතිදුන්ගේ නිවසේ අරලිය මල්වලින් සෑදූ පිරිත් මංඩපය.

මහින්ද මැතිදුන්ගේ නිවසේ අරලිය මල්වලින් සෑදූ පිරිත් මංඩපය. තරුනයන් පිරිසක් විසින් මෙය නිර්මානය කර ඇත. ජායාරූප පහතින් නරබන්න.

Sunday, November 8, 2015

ඇමති මාරපන ඉල්ලා අස්වෙයි

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන  එම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි  ආරංචි මාර්ග පවසයි. අද (09) පෙරවරු 10ට අමාත්‍යවරයාගේ  නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා ඇත.

ඇවන්ට්ගාඩ් සමාගමේ නීති කටයුතු සඳහා  තිලක් මාරපන සම්බන්ධ වී ඇති බව සහ ඇවන්ට්ගාඩ් සිද්ධිය පිළිබඳ ඔහුගේ වත්මන් ඇමති තනතුර බාධාවක් වී ඇතැ බව ද සඳහන්.

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් තිලක් මාරපන -  පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර තිබුනේ 'පොලිසියේ ලකුණු දා ගැනීමක්' බවයි.

ආන්දෝලනයකට තුඩු දී ඇති ඇවන්ට්ගාඩ්  සිද්ධිය සහ වංචා දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා  කිරීමේ විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. මෙය නව රජය බලයට පත්වීමෙන් පසු පවත්වන පළමු හදිසි කැබිනට් රැස්වීම ද වනවා. එහිදී නිශ්චිත තීන්දුවකට එළඹීමට නියමිත බවයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටත දීත් අදහස් දැක්වූවා. මීට අමතරව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ද ඒ පිළිබදව අදහස් දැක්වීමත් සමඟ එය සමාජයේ පුළුල් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වුණා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිය, සාමය හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය තිලක් මාරපන, ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් අවස්ථා කිහිපයකදී ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන අදහස් පළ කළා.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සෙනසුරාදා කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ප්‍රකාශ කළේ විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පමණක් නොව, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ නීතිය, සාමය හා බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය තිලක් මාරපන ද ඇවන්ට්ගාඩ් සමාගම ආරක්ෂා කිරීමට උත්සාහ කළ බවයි. අමාත්‍ය තිලක් මාරපනට එරෙහිව ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා  කරමින් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා. 

ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා ද පසුගිය දා අදහස් පළ කළා. එහිදී ඔහු අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කළේ මීට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා ඇවන්ගාඩ්  සමාගමෙන් ඇමතිවරයා අල්ලස් ලබාගෙන ඇති බවටයි.  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් කැදවමින් ඔහුගේ ප්‍රකාශයට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාර දක්වමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සෙනසුරාදා පැවැති රැස්වීමකදී ෆීල්ඩ්  මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මිලියන 5000ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවයි.

Saturday, November 7, 2015

අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවසේ පැවති පිරිත් පිංකමේ ජායාරූප.

තංගල්ල නිවසේ පැවති පිරිත් පිංකමේ ජායාරූප මෙතනින් බලන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතා විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමින සිටියහ.

Friday, November 6, 2015

මහින්දගේ රාජපක්ෂ මහතාගේ උපන් දිනය සමරන්න මෛත්‍රිටත් ඇරැයුම්

නොවැම්බර් 18 වැනිදාට යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ආගමික වැඩසටහන වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා  පවසයි.

මේ යටතේ අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී 84,000ක් පහන් දල්වා විශේෂ පූජාවක් හා ශ්‍රී මහා බෝධිය අබියසදී බෝධි පූජාවක් එදින (18දා) සවස 4ට පැවැත්වීමට නියමිතව ඇත.

මහින්ද මැතිදුන්ගේ නිවසේ පැවැත්වූ පිරිත් පිංකම අවස්ථාවට ආ කුඩා දරුවෙකු සුරතල් කරන ජාතියේ පියා ජායාරූප මෙතනින්

ජාතික වගකීම ඉටු කල නායකයෙක් හැරදා නොයන ගාල්ලේ සිංහයෙක්

ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ ආදරණීය පුත් රමේශ් පතිරණ මහතා පුවත්පතකට දැක්වූ අදහස්.

ජනපති මහින්ද රාජපක්ෂ යනු?


මහින්ද රාජපක්ෂ යනු අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුගෙන් ඇසුවහොත් අදුරන තරමට ප්‍රසිද්ද චරිතයකි.

එසේ වුයේ කෙසේද?

මහින්ද රාජපක්ෂ මහතා මෙතරම් ජනප්‍රිය වුයේ යුද්දය නිම කල නිසාමද?


මාගේ අදහස නැත යන්නයි.

මන්ද දැන් මිනිසුන්ට යුද්දය ගැන හාන්කවිසියක්වත් මතක නැති බැවිනි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පහලවූ සියලුම ජනපතිවරුන්ට වඩා මෙතුමාට මිනිසුන් මෙච්චර ආදරේ දක්වන්නේ ඇයි?

මෙයට හේතුව සොයාගෙන යාමේදී කරුණු කිහිපයක් වෙත අවදානය යොමුකළ යුතු වෙයි.

ලොව වෙසෙන සියලුම ජනයා මහින්ද රාජපක්ෂ නමැති ගාම්භීර චරිතය ඇදුනා ගත්තේ එදා අවසන් මෙහෙයුම අවසන් කර ශ්‍රී ලංකා හමුදාව යුද්දය අවසන් කිරීමෙන් පසුව එවකට එම විශිෂ්ට හමුදාවට නායකත්වය දුන් නායකයා ලෙසිනි. 

මහින්ද රාජපක්ෂ යනු හුදෙක්ම ගැමි ජිවිතයකට පන පොවන ගමේ හැදී වැඩි මහා මන්දිරයට ගිය දුප්පත් මිනිසෙකි. එමනිසා ඔහු පොඩි මිනිහා නිතරම අදුරන්නේය. පොඩි මිනිහාගේ දුක දන්නේය. ඕනෑම තැනකදී ගැලවෙන්න දන්නේය. කාටවත් බය නැතුව ජිවත් වෙන්න දන්නේය. තැනේ හැටියට ඇනේ ගහන්න දන්නේය.

ජාතික ඇදුම නිතර අදින මේ විශිෂ්ට මිනිසා ගමකට ගියත් අහල ගම් හතක මිනිසුන් මොහු බලන්න එන්නේ මොහු ගැන ඇති ලෙන්ගතුකමටය. මෙවැනි පින්වත් දේශපාලකයෙක් මෙතෙක් ලංකාවේ බිහි නොවී ඇතැයි මම කියන්නේ  ඔහු තුල ඇති මෙම ගුණාංග හේතුවෙනි


ඔහු තැනකට ගියොත් මුලින් යන්නේ එතන ඉන්න මහා සංගරත්නය මුණගැහිමටය. 

ඔහු ගමක පන්සලකට ගියොත් කෙසේ හෝ එම ගමේ ඇති පල්ලියකටත් ගොසින් එන්නේ ඔහු තුල ඇති ආගමික සහජීවනය මනාව පිලිබිබු කරමිනි.

කොතන රැස්වීමකට ගියත් පොඩි එකෙක් දුටුවොත් අතට අරන් සුරතල් කරන්නේ අන් කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ගුණාංග පෙන්වමිනි.

මොහුට ලොක්කෝ නැත. කියන දේ මුනට කියන්නෙකි. ඔහුගේම රජයේම ඇමති කෙනෙකුට එක්තරා රැස්වීමකදී මුනටම කියූ දේවල් මේ වෙලාවේ සිහිපත් වේ.

කවදාකවත් කිසිම නායකෙයෙකුට නැති මේ ගුණාංග නිසා මොහු කවදාවත් පරාජය කල නොහැක. පරාජය කරන්න යමෙක් උත්සාහ කරනවානම් ඔහුත් ප්ලාස්ටික් සැත්කමක් කර හෝ මොහුගේම පෙනුම ගෙන චන්දයට ඉදිරිපත් විය යුතුය මා එසේ කියන්නේ මොහුගේ ඇති පින්වත් පෙනුම නිසා චන්දය වෙන පක්ෂයකට දෙන්නට යන පුද්ගලයා පවා අවසානය චන්දය දී එන්නේ මහින්ද රාජපක්ෂ නමැති පින්වත් පුද්ගලයාටය. 

ඒ තරම් පිනක් මොහුට ලැබුනේ කෙසේද?

ලොව කිසිම ජගතෙකුට මොහු බය නැත.

දිනෙක ලොව බලවත්ම රාජ්‍ය  ඇමරිකාවෙන් ලංකාවේ පරීක්ෂණ පැවැත්වීමට ලංකාවේ සහය ඉල්ලු විට එයට සහය නොදෙන බව කොන්ද පන ඇතිව කීමට තරම් නිර්භය පුද්ගලයා අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.

මා මොහු ගැන වර්ණනා කරන්නේ පුද්ගලයෙකු පමණක් මිස රජයේ අනෙත් ගෝල බාලයන් ගැන නොවේ. මොන තරම් දේශපාලුවන්ට පස්සෙන් ගියත් මේ රජයෙන් අඩුම තරමේ මට කම්කරු රැකියාවක් හෝ ලබා දී නොමැත.  

ඉතින් ලොව ඉහත කී කරුණු කාරණා වලින් සනාථ වන්නේ 

ලොව එතෙක් මෙතෙක් බිහිවූ ශේෂ්ටතම නායකයා 

            ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ නැමැත්තා නොවන්නේද?

මා මේ ලිපිය ලියන විටත් ගුවන් විදුලියේ නිවුස් වලට සවන්දුන්නේය

එහි කියවුනේ "ළමයින්ට සමාව දෙන්න සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ජනපති කියයි" යන්නයි. හෙට දිනයේ එම ළමයින්ද මෙම ලිපියේ කොටස්කරුවන් වනු නොඅනුමානය. 

අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.

Tuesday, July 7, 2015

මහින්ද මහත්තයට ගහන බොරැ මඩ


මහින්දගෙ පුතාල කෙල්ලෙක් එක්ක හරි කා එක්ක හරි පින්තූරයක් ගත්තම ඒ දරුවන්ගෙ චරිතයට මඩ ගසමින් කියන්න තියේන සෙරම හරුප පද කියමින් පුද්ගලිකත්වයට ගහන්න තියෙන උපරිම මඩ ගහපු උන් හිරුනිකාගේ නිරුවත් ඇග එලියට දාගෙන ලොකෙ වගේ ප්‍රදර්ශනය කරපු පින්තූර අපි විවේචනය කරපුවාම පට්ට අමාරුයි එ කෙන් තේරෙන්නෙ කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හිටගෙන පින්තූරයක් ගත්තට් ඒක සදාචාරයට පට හැනි ශ්‍රී ලංකාවෙ ගැහැනු හෙලුවෙන් බඩ පිනුම් ගැහුවත් ඒක සදාචාරාත්මකයි ඒකද ඔය මහත්වරු කියන්නේ විවේචනය කල යුතු දේ කල යුතුයි ඔබලාට මතකද මෙ ගැහැනියම මහින්දගෙ පුතාල ට ගහ්පු මඩ එ දරුවන්ව විවෙචනය කරපු හැටි මතකද එත් ඒව පට්ට පල් කෙබර හිරුනිකගෙ අඩ නිරුවත් ලෝකයට පෙන්වීම බොරුවක් නොවෙයි පිලි ගන්න අමාරු අය ඉන්නවා අපි අතර එයාලට හරියට රිදෙනවා නමුත් සත්‍ය තේර ගැනිම හා තේරුම් කිරිම කල යුතුයි
 
Copyright © 2014 MAHINDA NEWS

Powered by JoJoThemes